හිටපු ජනපති මුගාබේගේ පක්ෂය සිම්බාබ්වේ මැතිවරණය ජයගනී


සිම්බාබ්වේ පාලක සානු-පීඑෆ් පක්ෂය මෙවර මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බහුතර බලය සම්පූර්ණ කර ඇති බව මැතිවරණ බලධාරීහු පවසති.

ඒ අනුව, පසුගිය සඳුදා පැවති මැතිවරණයෙන් වත්මන් ජනවති එමර්සන් ම්නන්ගග්වාගේ පක්ෂය ජයග්‍රහණය ලබා ඇත. 

මෙය දශක හතරකට වැඩි කාලයක් සිම්බාබ්වේ පාලනය කළ රොබට් මුගාබේගෙන් පසුව එරට පැවති ප්‍රථම මැතිවරණය වන අතර, මුගාබේද සානු-පීඑෆ් පක්ෂය නියෝජනය කළ අයෙකි.

එහිදී, පාර්ලිමේන්තු මැතිවරණයට සමගාමීව පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵලද නිකුත් වෙමින් පවතින බව එරටින් ලැබෙන වාර්තා පෙන්වා දෙයි.

මේ අතර, සිම්බාබ්වේ විරුද්ධ පක්ෂය වන එම්.ඩී.සී. පක්ෂය චෝදනා කරමින් කියා සිටියේ මෙවර දැවැන්ත මැතිවරණ දූෂණයක් සිදුව ඇති බවයි.

එමෙන්ම, ඔවුන්ගේ අපේක්ෂයා වන විරුද්ධ පක්ෂ නායක නෙල්සන් චාමිසා මෙවර මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා ඇති බවද හෙතෙම අවධාරණය කළේය.

සිම්බාබ්වේ පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 210න් ආසන 110ක බලය සානු-පීඑෆ් පක්ෂය දිනාගෙන ඇති අතර, එම්.ඩී.සී. පක්ෂයට හයිමිව ඇත්තේ ආසන 41ක් පමණි.



Recommended Articles