හිටපු ඊජිප්තු ජනපති හොස්නි මුබාරක්ගේ පුතුන් දෙදෙනෙකු කොටස් වෙළෙඳ පොළ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව තිබේ.
කොටස් වෙළෙඳ පොළ සහ මහ බැංකු නීති උල්ලංඝනය කරමින් කටයුතු කර ඇතැයි පවසමින් ආලා සහ ගමාල් මුබාරක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
එහිදී, තමන් කිසිදු මූල්‍ය වංචාවක් සිදු නොකළ බව මෙම සහෝදරයන් පවසා සිටියත්, ඔවුන් එලැඹෙන ඔක්තෝබර් 20දා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිය.
මුබාරක් පුතුන්ට අමතරව තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙසද කයිරෝ අධිකරණය නියෝග කර ඇති අතර, ඔවුන් සියලු දෙනා කොටස් වෙළෙඳ පොළේදී ඊජිප්තු පවුම් බිලියන 2ක (ඇ.ඩො.මිලියන 115ක පමණ) මූල්‍ය වංචාවක් සිදුකර ඇති බවට චෝදනා නැගෙයි.
ඒ අනුව, හිටපු ඊජිප්තු ජනපතිවරයාගේ පුතුන් දෙදෙනා පමණක් මෙම ගනුදෙනුවෙන් ඊජිප්තු පවුම් මිලියන 494ක පමණ වංචාවක් සිදුකර ඇති බව ඊජිප්තු මාධ්‍ය අනාවරණය කරයි.