ජපානයේ, නාරා වෛද්‍ය විශ්ව විද්‍යාලයේ ප්‍රධානියාට අනුව වෙඩි ප්‍රහාරයට ලක්වූ ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ ජීවිතක්ෂයට පත්වූ බව නිල වශයෙන් දැනුම් දෙයි.
රෝහලේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී වෛද්‍යවරුන් කියා සිටියේ හිටපු නායකයා අධික රුධිර වහනයකින් මිය ගොස් ඇති බවය. ඔහුව ඝාතනය කළ උණ්ඩය ඔහුගේ හදවතට ඇතුළු වන තරමට ගැඹුරට විනිවිද ගොස් ඇති බවද වෛද්‍යවරු පැවසූහ.
අබේ රෝහලට රැගෙන එනවිටත් ඔහුගේ ජීවිතය සම්බන්ධයෙන් ධනාත්මක සලකුණක් නොපෙන්වූ බව වෛද්‍යවරු ප්‍රකාශ කළහ.
.