හිජාබයට එරෙහි වූ නිකාගේ මරණය ගැන මව කතා කරයි


ඉරානයේ විරෝධතා අතරතුර ආරක්ෂක අංශ විසින් පහරදී මරා දැමූ බව කියන 16 හැවිරිදි දැරියකගේ මව ඇයගේ අඛණ්ඩ සිත් වේදනාව ගැන හඬ අවදි කර තිබේ.

බීබීසී වාර්තා චිත්‍රපටියක පෙනී සිටින විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී නස්රින් ශකරමි පවසන්නේ තම දියණිය නිකාට සිදුවූ දෙය තත්පරයකටවත් අමතක කළ නොහැකි බවයි.

විරෝධතාකරුවන්ගේ මරණ පිළිබඳ බලධාරීන්ගේ ප්‍රකාශද නස්රින් ප්‍රතික්ෂේප කරන අතර, ඇය පවසන්නේ ඔවුන් බොරු කියන බව සියලු දෙනාම දන්නා බවයි. නිකාගේ මරණය 2022 අග භාගයේ විරෝධතා අතරතුර සිදු වූ වඩාත් කතාබහට ලක්වූ මරණවලින් එකකි.

එතැන් සිට විරෝධතා අඛණ්ඩව පැවතුනද, ආරක්ෂක අංශවල දැඩි මර්දනකාරී ක්‍රියාමාර්ග හේතුවෙන් ඒවායෙහි තීව්‍රතාවය අඩු වී ඇත.

කාන්තාවන්ට හිජාබයෙන් හෝ හිස් ආවරණයකින් හිසකෙස් වැසීමට අවශ්‍ය ඉරානයේ දැඩි නීති කඩකළ බවට චෝදනා කරමින් අගනුවර සදාචාරාත්මක පොලිසිය විසින් රඳවා තබාගෙන සිටියදී, මහසා අමිනී ජීවිතක්ෂයට පත්වීමත් සමග රට තුළ මෙම නොසන්සුන්තාව ආරම්භ විය.

මාෂා මිය ගොස් දින හතරකට පසු, නීකා ටෙහෙරානයේ පැවති විරෝධතාවයකදී ඇයගේ හිස් ආවරණයට ගිනි තබා රූගත කරන ලදී. කෙසේ වෙතත්, ඇයට අවසානයේ මරණය උරුමකර දීමට ඉරාන බලධාරීන් කටයුතු කර තිබුණි.



Recommended Articles