හැලොවීන් රස කැවිලි හිඟයක් ගැන වාර්තා වේ


ලෝක ආර්ථික අර්බුදය සමග ඇති වූ සැපයුම් දාම ගැටලු සහ ඇමෙරිකාව තුළ ඉහළ යන පිරිවැය හේතුවෙන් රසකැවිලි නිෂ්පාදන සහ වෙළෙඳ සමාගම්වලට සැණකෙළි සමයන්ට වඩා ඔවුන්ගේ නිත්‍ය නිෂ්පාදනවලට ප්‍රමුඛත්වය දීමට සිදුවී තිබේ.

ඒ අනුව, මෙවර හැලොවීන් නිවාඩුව සඳහා පාරිභෝගික ඉල්ලුම සම්පූර්ණයෙන් සපුරාලීමට නොහැකි වනු ඇති බව ඇමෙරිකාවේ ප්‍රකට සමාගම් පවසයි.

සීඑන්එන් වාර්තාවකට අනුව, ඇතැම් රසකැවිලි සමාගම් සිය නිත්‍ය නිෂ්පාදන සහ එහි හැලොවීන් විශේෂ සඳහා එකම නිෂ්පාදන මාර්ග භාවිත කරන අතර, මේ තත්ත්වය තුළ විශේෂයෙන්ම හැලොවීන් සඳහා වූ නිෂ්පාදනයක් සිදු නොවෙයි.



Recommended Articles