බ්‍රිතාන්‍යයේ හැරී සහ මේඝන් මර්කල්ගේ දරුවන් දෙදෙනා වන ආර්චි සහ ලිලිබට් තම රජ පවුලේ කුමාරයෙකු සහ කුමාරිකාවක ලෙස පිළිගන්නා බව බ්‍රිතාන්‍ය රාජකීය පවුල නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.
ඒ අනුව, සසෙක්ස්හි ආදිපාදවරයාගේ සහ ආදිපාදවරියගේ දරු දෙදෙනා වන ආර්චි, සසෙක්ස්හි ආර්චි කුමරුන් සහ ලිලිබට් සසෙක්ස්හි ලිලිබට් කුමාරිකාව ලෙසත් නම් කෙරී ඇත.
හැරී කුමරු සහ මේඝන් සිය රාජකීය පවුලෙන් ඉවත්ව එක්සත් ජනපදයේ ජීවත් වන අතර, රජ පවුල නිසා ඔවුන්ට ලැබෙන ගෞරව නාම සහ වරප්‍රසාදද අත්හැරීමට තීරණය කළහ.
කෙසේ වෙතත්, හිටපු දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අභාවයෙන් පසුව චාල්ස් කුමරු තෙවැනි චාල්ස් රජු ලෙස තේරීපත් වූ අවස්ථාවේ සිට ඔහුගේ මුණුබුරන්ට හිමිවූ රාජකීය නාමයත් සමග ආර්චි සහ ලිලිබට් කුමරෙකු සහ කුමරියක බවට පත්විය. නමුත් එය නිල වශයෙන් ප්‍රකාශයට පත්කෙරුණේ පසුගියදාය.