හැරීගේ ඔස්ට්‍රේලියානු මිතුරිය අවුරුදු 99ක් ආයු වළඳා සමුගනී


ඔස්ට්‍රේලියානුවන් අතර බ්‍රිතාන්‍ය රාජකීයයන්ගේ සුවිශේෂිතම ලෝලියා ලෙස හැඳින ගත්, ඩැෆ්නේ ඩූනේ අවුරුදු 99ක් ආයු වළඳා සිය දිවියට සමුදුන් බව විදෙස් වාර්තා පවසයි.

ඇගේ උපන්දිනය වෙනුවෙන් හැරී කුමරුන්ගෙන් සහ ඔහුගේ බිරිඳ වන මේගන් කුමරියගෙන් සුබ පැතුම් පතක් ලබා දිනකට පසුව ඇය මෙලෙස සිය දිවියට සමුදී ඇත.

හැරී කුමරු ඔස්ට්‍රේලියාවේ සිදුකළ සංචාරයන්හිදී ඇය වඩාත් කතාබහට ලක්වූ චරිතයක් වූ අතර, ඇය හා කුමරුගේ ඡායාරූප සමාජජාල තුළ බහුල වශයෙන් හුවමාරු විය.

මෙම කාන්තාව කියා තිබුණේ තමාට කුමරු සමග ඉතා කුළුපග මිත්‍රත්වයක් පැවති බවයි. කෙසේ වෙතත්, ඇගේ ස්වාමි පුරුෂයා වූ ඇල්බට් චොවුනේ වර්ෂ 1945 දී ජීවිතක්ෂයට පත්ව තිබුණි.



Recommended Articles