හැරී සහ මේගන් මොරොක්කෝ අශ්වාරෝහක සමාජයකට ගිහින්


මොරොක්කෝවේ සංචාරයකට පැමිණි බ්‍රිතාන්‍යයේ සසෙක්ස් හි ආදිපාදවරියා සහ ආදිපාදවරිය එරට වඩාත් ප්‍රකට අශ්වාරෝහක සමාජයක් නැරඹීමට ගොස් තිබේ.

රාජකීය මොරොක්කෝ අශ්වාරෝහක සමාජය වෙත පැමිණි හැරී සහ මේගන් කුමරියට උණුසුම් පිළිගැනීමක් ලැබුණු බව පැවසෙයි.

එහිදී, අශ්වාරෝහක සමාජයේ අශ්ව ගාල්වෙත ඇවිද ගිය ඔවුන් එම අශ්වයන්ගේ සුවදුක් විමසීමටද කටයුතු කර තිබේ.

ගැබිණියක ලෙස මෙම සංචාරයට එක්වූ මේගන්ට සහ ස්වාමියා වූ හැරී කුමරුට මෙහිදී, අශ්වයන් යොදාගනිමින් මානසික ආතතියෙන් පෙළෙන අයගේ මානසික තත්ත්වය ඉහළ නැංවීම සිදුකරන විශේෂ චිකිත්සාවන් පිළිබඳ අවබෝධයක් ලබාගැනීමටද හැකිවී තිබේ. 

උතුරු අප්‍රිකානු රාජ්‍යයක් වෙත රාජකීය යුවළ සිදුකළ ප්‍රථම නිල සංචාරය දින තුනකින් අවසන් වන බව විදෙස් වාර්තා පවසයි.



Recommended Articles