හැරී - මේගන් පුංචි කුමරා ප්‍රථම වරට මාධ්‍යයට නිරාවරණය වේ


සසෙක්ස් ආදිපාදවරයා සහ ආදිපාදවරියගේ කුළුඳුල් දරුවා ප්‍රථම වරට මාධ්‍යයට නිරාවරණය කිරීම දරුවා බිහිවීමෙන් දිනකින් පසුව අද (08දා) සිදුවිය.

මේගන් කුමරිය සමග හැරී කුමරා තම කුඩා පුතු රැගෙන පැමිණි අතර, හැරී ඉතාමත් උද්දාමයට පත්ව සිටි බව විදෙස් වාර්තා පවසයි.

මෙහිදී, මේගන් පවසා සිටියේ පුංචි පුතු ඉතාම නිසොල්මන් දරුවෙකු බවයි. ඒ වගේම, ඔහු තමාගේ එකම සිහිනය බවද ඇය කියා සිටියාය.

එහිදී, හැරී කුමරා මුවඟට සිනහවක් නගමින් පවසා සිටියේ, පුතා කවුරු ගෙනත් දුන්නා දැයි තමා නොදන්නා බවයි.

එමෙන්ම, තම කුළුඳුල් දරුවා මහ රැජින හෙවත් ඔවුන්ගේ ආච්චි අම්මාට මුණගැස්වූ බවත් ඔවුහු කියා සිටියහ.



Recommended Articles