හැමෝම වගේ පූටින්ට බයයි - හිටපු ජනපති ට්‍රම්ප් කියයි


එවකට මොස්කව් ඉලක්ක කර පහර දෙන බවට රුසියානු නායක ව්ලැඩිමීර් පූටින්ට අනතුරු ඇඟවීමක් කළ බව හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තම මිතුරෙකු වූ හිටපු ගොල්ෆ් ක්‍රීඩක ජෝන් ඩාලි සමග කෙරෙන දුරකථන සංවාදයක් මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.

පූටින්ට සියලු දෙනාම පාහේ (සෙසු ලෝක නායකයන්) බියෙන් සිටියත්, ඔහු තමාගේ හොඳ මිත්‍රයෙකු බවත්, තමා ඔහු සමග බොහොම හොඳින් සිටි බවත් ට්‍රම්ප් වැඩිදුරටත් පවසා සිටියි.

මෙම දුරකථන සංවාදයේදී න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන්ද අදහස් දක්වන ට්‍රම්ප්, චීනය විසින් තායිවානය ආක්‍රමණය කරනු ඇතැයිද අනාවැකි පළ කරයි.

"ඔවුන් හැමෝම වගේ (සෙසු ලෝක නායකයන්) පවසන්නේ, 'අනේ ඔහු න්‍යෂ්ටික බලවතෙක්' කියලයි. එක හරියට එයාලා ඔහුට (පූටින්ට) බයයි. ඔයා දන්නවද එයා මගේ යාළුවෙක්. මම එයා එක්ක හොඳට හිටියා." ට්‍රම්ප් වැඩිදුරටත් පවසයි.



Recommended Articles