හාවඩ් විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී ආසියා සම්භවයට කැපිල්ලක්?


ඇමෙරිකා එක්සත් ජනපදයේ හාවඩ් විශ්වවිද්‍යාලය හිතාමතාම ආසියානු-ඇමෙරිකා සම්භවයක් ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අයදුම්පත් නොසළකාහරින බවට චෝදනාවක් එල්ල වී තිබේ.

එහිදී, ආසියානු-ඇමෙරිකානු සිසු සිසුවියන්ට වඩා අඩු ලකුණු ලබාගන්නා සුදු ජාතිකයන්, කළු ජාතිකයන් මෙන්ම, ඉංග්‍රීසි භාෂාව කතා කරන රටවල සිසු සිසුවියන්ට විශ්වවිද්‍යාලයේ දොරටු විවෘත කිරීමට වැඩි අවස්ථාවක් ලැබෙන බවද සඳහන් වෙයි.

එහිදී, හාවඩ් විශ්වවිද්‍යාලය ඔවුන්ගේ පෞද්ගලික අභිමතාර්ථ හා කැමැත්ත පරිදි ආසියානු-ඇමෙරිකානු සම්භවයක් ඇති සිසු සිසුවියන් පහළම ශ්‍රේණියේ පිරිසක් ලෙස කටයුතු කරන බවට එම චෝදනාවෙන් කියැවෙයි.

කෙසේ වෙතත්, හාවඩ් විශ්වවිද්‍යාලය මෙම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන අතර, ඔවුන් පවසන්නේ පසුගිය කාලයේදී ආසියානු-ඇමෙරිකානු සම්භවයක් සහිත පිරිස්වල ප්‍රවේශය වැඩිවී ඇති බවයි.

දැනට හාවඩ් විශ්වවිද්‍යාලයට ඇතුළු වන ආසියානු-ඇමෙරිකානු සම්භවයක් සහිත සිසු පිරිස 22.2%ක් බවද ඔවුන්ගේ වෙබ් අඩවිය අවධාරණය කරයි.

එමෙන්ම, සමස්තයක් ලෙස විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සුදු ජාතික සිසු පිරිස 50%ට අඩු බවද ඔවුන් පෙන්වා දී තිබේ.

1_harvard3



Recommended Articles