හාවඩ් ඉගෙනුම ලැබූ තරුණ නායකයා තායිලන්තය දිනයි


තායිලන්ත මහ මැතිවරණයෙන් එරට විරුද්ධ පක්ෂ දැවැන්ත ජයග්‍රහණයක් ලබා ඇති අතර, 2014 සිදුවූ හමුදා කුමන්ත්‍රණයෙන් පසුව හමුදාවේ පිටුබලය ලැබූ වත්මන් පාලක පක්ෂයට දැවැන්ත පරාජයක් හිමිව තිබේ.

99%ක් ඡන්ද ගණනන් කිරීම් අවසන් වනවිට මූව් ෆෝවඩ් පක්ෂය ආසන 151ක් ජයග්‍රහණය කර ඇති අතර, හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රාගේ දියණිය තරග කළ ෆෙවු තායි පක්ෂයට හිමිව ආසන 141ක් හිමිව තිබේ. මේ තත්ත්වය තුළ වත්මන් පාලක ප්‍රයුත් චාන්-ඕ-චාගේ පක්ෂය දැවැන්ත පසුබෑමකට ලක්ව ඇත.

මූව් ෆෝවඩ් පක්ෂයේ නායක පිටා ලිම්ජරොන්රාත් අද (15දා) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් තම පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් සහාය දැක්වූ සියලු දෙනාට ස්තූතිය පළ කළේය. එමෙන්ම ශක්තිමත් රජයක් පිහිටුවීම සඳහා ඔහු සෙසු විරුද්ධ පක්ෂවලටද ආරාධනා කළේය.

42 හැවිරිදි තරුණ නායකයෙකු වන පීටා හාවඩ් විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකු වන අතර, ඔහු ව්‍යාපාරික පසුබිමකින් පැමිණි දේශපාලඥයෙකි.



Recommended Articles