යුරෝපා සංගමයේ රටවල් ඇමෙරිකාවට අපනයනය කරන වානේ සහ ඇලුමීනියම් මත 25%ක තීරුබදු පැනවීමට ජනපති ට්‍රම්ප් මෙම මස මුලදී තීරණය කිරීමත් සමග ඊට ප්‍රතිචාර ලෙස යුරෝපා සංගමයද ඇමෙරිකානු නිෂ්පාදන මත 25%ක බදු පැනවීමක් සිදුකළේය.
මේ තත්ත්වය තුළ ඇමෙරිකාවේ සුප්‍රකට හාර්ලි-ඩේවිඩ්සන් යතුරුපැදි සමාගම සිය නිෂ්පාදන ඇමෙරිකාවෙන් පිටතට ගෙනයමින් මෙම බදුවලින් නිදහස් වීමට දරණ උත්සාහය සමග හාර්ලි-ඩේවිඩ්සන් සහ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සීතල යුද්ධයක් ඇතිවී තිබේ.
මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් හාර්ලි-ඩේවිඩ්සන් යතුරුපැදි සමාගමට දෝෂාරෝපණය කරන ජනපති ට්‍රම්ප් පවසන්නේ, "මුලින්ම සුදු කොඩි එසවූ සමාගම ලෙස හාර්ලි-ඩේවිඩ්සන් පත්වනු දැකීමෙන් තමන් පුදුමයට පත්වූ බවයි. එමෙන්ම, තමන් මෙම සමාගම රැකගැනීම වෙනුවෙන් දැඩි අරගලයක් කළ අයෙකු බවද" ට්‍රම්ප් කියයි.
කෙසේ වෙතත්, මෙම බදු යුද්ධය සමග හාර්ලි-ඩේවිඩ්සන් සමාගම මුලින්ම සඳහන් කර තිබුණේ තමන් යුරෝපා වෙළෙඳ පොළෙන් ඔබ්බට තම යතුරුපැදි නිෂ්පාදන රැගෙන යාමට කටයුතු කරන බවකි.
මේ අතර, යුරෝපා සංගමය ඇමෙරිකානු නිෂ්පාදන මත තීරුබදු පැනවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ධවල මන්ධිර මාධ්‍ය ලේකම් සාරාහ් සැන්ඩර්ස් පවසා සිටියේ අසාධාරණ සහ අවිචාරවත් වෙළෙඳ ප්‍රතිපත්තියක් සමග යුරෝපා සංගමය ඇමෙරිකානු වෘත්තිකයන්ට පහර ගැසීමට උත්සාහ කරන බවයි.
ජනපති ට්‍රම්ප් වඩාත් නිදහස්, සාධාරණ හා අන්‍යෝන්‍ය වෙළෙඳාමක් සඳහා කැපවී සිටින්නේ යුරෝපා සංගමයද ඒ හා එක්වනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් බවද සැන්ඩර්ස් වැඩිදුරටත් පවසයි.