දකුණුදිග සෞදි අරාබියේ ජසාන් නගරයට හවුති සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් සෞදි පුරවැසියෙකු සහ යේමන වැසියෙකු මිය ගිය බව සෞදි රාජ්‍ය මාධ්‍ය වාර්තා පවසයි.
මෙම ප්‍රහාරය හේතුවෙන් සෞදි අරාබි ජාතිකයින් 6දෙනෙකු සහ බෙංගාලි වැසියෙකු ඇතුළු තවත් හත් දෙනෙකු තුවාල ලබා ඇති අතර, මෝටර් රථ 12කට සහ වෙළඳසැල් දෙකකට හානි සිදුව ඇති බවද සෞදි රාජ්‍ය ප්රවෘත්ති ඒජන්සිය පවසයි.
යේමනයේ ඉරානය සමග පෙලගැසී සිටින හවුති සටන්කාමීන්ට එරෙහිව සටන් කරන සෞදි ප්රමුඛ සන්ධානය මීට ප්‍රතිප්‍රහාරයක් එල්ල කළ අතර, හවුති සටන්කාමීන් ප්‍රහාර එල්ල කළ ස්ථාන එහිදී ඉලක්ක වී තිබුණි.
ඒ අනුව මෙම සෞදි ප්රතිප්රහාරවලින් යේමනයේ කුඩා දරුවෙකු සහ කාන්තාවක් මිය ගොස් තවත් 7දෙනෙකු තුවාල ලබා ඇති බව හවුති සටන්කාමීන්ගේ මාධ්‍ය වාර්තා පවසයි.