වෛරසයේ ඩෙල්ටා සහ ඔමික්‍රොන් ප්රභේදවල ලක්ෂණ ඒකාබද්ධ වූ කොවිඩ්-19 හි නව දෙමුහුන් ප්‍රභේදයක් රුසියාවෙන් සොයාගෙන ඇති බව රටේ සෞඛ්‍ය නිරීක්ෂණ ආයතනයක් වන Rospotrebnadzor තහවුරු කර තිබේ.
VGARus (රුසියාවේ වෛරස් ජෙනෝම් එකතු කරන්නා) ප්‍රකාශයට පත්කළ දත්ත උපුටා දක්වමින්, මෙම'ඩෙල්ටාක්‍රොන්' ප්‍රභේදයේ සිද්ධීන් හයක් මේ වනවිට තහවුරු වී ඇති බවත්, ශාන්ත පීටර්ස්බර්ග්හි 5ක් සහ මොස්කව්හි 1ක් වශයෙන් ආසාදිතයන් වාර්තා වන බවත් පෙන්වා දෙයි.
‘ඩෙල්ටාක්‍රොන්’ දැනට වෛරසයේ ප්රමුඛ නොවන ප්‍රභේදයක් වන අතර, එය රුසියාවේ වසංගත රෝග තත්ත්වයට සැලකිය යුතු බලපෑමක් ඇති නොකරනු ඇති බවට විශ්වාස කරයි.
Rospotrebnadzor ට අනුව, මේ දක්වා ‘ඩෙල්ටාක්‍රොන්’ ආසාදිතයන් සැහැල්ලු ආකාරයේ රෝග ලක්ෂණ අත්විඳ ඇති අතර, ඔවුන්ගෙන් කිසිවෙකු රෝහල්ගත කිරීමක් සිදුවී නැත.
දෙමුහුන් වෛරසය රුසියාවටම අනන්‍ය වූවක් වන අතර, එය රට තුළ ආරම්භ වූවක් විය හැකි බව විද්‍යාඥයෝ සැක පහළ කරති.