හයිටියේ බස් මගීන් 38ක් පැහැර ගැනීමට ලක්වෙලා


හයිටියේ ආයුද සන්නද්ධ කල්ලි සාමාජිකයින් පෝට් ඕ ප්‍රින්ස් අගනුවර සිට බටහිර දෙසට කුඩා බස්රථවල යමින් සිටියදී පුද්ගලයින් 38 දෙනෙකු පැහැරගෙන ගොස් තිබේ.

පෝට්-ඕ-ප්‍රින්ස් සිට කිලෝමීටර් 100ක් බටහිර දෙසින් පිහිටි නගරයක් වන මිරගෝනේන් වෙත මගීන් රැගෙන ගිය බස් රථ දෙකක් මෙසේ පැහැර ගැනීමට ල්කව තිබේ.

ඩි ඩියු ගම්මානයේ සිටි මෙම කණ්ඩායම් එම බස්රථ පැහැරගැනීමට ලක්ව ඇති බව පොලීසිය පවසයි. මෙය කවර පදනමකින් සිදුකළ පැහැර ගැනීමක්ද යන්න මෙතෙක් පැහැදිලි නැතත්, කප්පම් සිද්ධියක් විය හැකි බව පොලීසිය විශ්වාස කරයි.



Recommended Articles