හයිටි රාජ්‍යයේ ජනාධිපති ජොව්නෙල් මොයිස්ට එරෙහි උද්ඝෝෂණ ඉතා දරුණු ස්වභාවයක් ගෙන ඇති අතර, දහස් ගණන් ජනතාව වීදිබැස තිබේ.
මෙම උද්ඝෝෂණ අතරතුර පොලිස් ස්ථානයක්ද මංකොල්ලකෑමට ලක්ව ඇති අතර, අගනගරය ඇතුළු නගර කිහිපයක වෙළෙඳ සැල් මත්පැන් හල් මංකොල්ලකෑමට ලක්ව තිබේ.
මෙම උද්ඝෝෂණ මැඩපැවැත්වීම සඳහා පොලීසිය කඳුළුගෑස් ප්‍රහාර මෙන්ම, සජීව උණ්ඩ යොදා ගනිමින් වෙඩි ප්‍රහාරයක්ද දියත් කර තිබේ.
මේ අතර, රට තුළ සාමකාමී වාතාවරණයක් ජනතාවගෙන් ඉල්ලා සිටිමින් ජනාධිපතිවරයා පසුගියදා එක්සත් ජාතීන්ගේ මණ්ඩලය ඇමතීමද අවලංගු කළේය.
නමුත්, ජාතිය අමතා ඔහු සිදුකළ කතාව ජනතාව පිළිගෙන නොමැති බව උද්ඝෝෂණ ඉතා ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගැනීමෙන්ම පෙනී යයි.