හයිටි ජනපති ඝාතනයට ප්‍රධාන ආරක්ෂකයා දැලේ


හයිටි ජනාධිපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් ජනාධිපති ආරක්ෂක සම්බන්ධීකාරක හෙවත් ඉහළම ආරක්ෂක නිලධාරී ජීන් ලගුවෙල් සිවිල් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

හයිටි ජනාදිපති මොයිස් පසුගිය ජූලි 7දා මධ්‍යම රාත්‍රියේදී පෝර්ට් අවු-ප්‍රින්ස් හි පිහිටි සිය පෞද්ගලික නිවසේදී ඝාතනයට ලක්වීමෙන් සති තුනකට පමණ පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුවූ අතර, මෙම ඝාතනය සඳහා කොලොම්බියානු කුලී තුවක්කුකරුවන් 20කට වැඩි පිරිසක් යොදාගෙන තිබුණි.

ප්‍රධාන ආරක්ෂක නිලධාරී ලගුවෙල් සිවිල් අත්අඩංගුවට ගැනීම සිදුවන්නේ ජනාධිපති මොයිස්ගේ ආරක්ෂක තොරතුරු පිළිබඳ තවත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන දිමිත්‍රි හෙරාර්ඩ් කලින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් පසුවය.

ජනාධිපතිවරයා ආරක්ෂා කිරීම සඳහා විශේෂ ජනාධිපති ආරක්ෂක අංශයක් තිබියදීත් මේ ආකාරයෙන් සිය පෞද්ගලික නිවසටම පැමිණ ප්‍රහාරයක් එල්ල කිරීමේදී මේ පිටුපස ඔහුගේ ආරක්ෂක යාන්ත්‍රණයේ යම් හිදැසක් හිතාමතාම ඇති කර ඇති බවට චෝදනා නැගෙයි.



Recommended Articles