හයිටි එක්සත් ජාතීන්ගේ හමුදා ආරක්ෂාව ඉල්ලයි


ජනාධිපති ජොවනෙල් මොයිස් සිය නිවසේදී වෙඩි තබා ඝාතනයෙන් පසු රට ආරක්ෂා කර ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ හමුදාව යොදවන ලෙස හයිටි ඉල්ලා ඇති බව විදෙස් වාර්තා පවසයි.

එරට අගමැති කාර්යාලයේ සිට හයිටියේ එක්සත් ජාතීන්ගේ කාර්යාල වෙත යවන ලද ලිපියක් උපුටා දක්වමින් විදෙස් වාර්තා මෙම අනාවරණය සිදුකරයි.

පසුගිය ජූලි 07දා දිනැති මෙම ලිපියේ සඳහන් වූයේ සමස්ත භූමිය තුළම ආරක්ෂාව සහ මහජන සාමය යලි ස්ථාපිත කිරීම අරමුණු කරගත් එරට ජාතික පොලිසියේ උත්සාහයට සහාය දක්වන ලෙස මෙම ක්‍රියාමාර්ගයට පිවිසෙන ලෙසයි.



Recommended Articles