හයිටියේ පෝට් ඕ ප්‍රින්ස් හි කර්මාන්තශාලා කම්කරුවන්ගේ විරෝධතා අතරතුර පොලිසිය වෙඩි තැබීමෙන් මාධ්‍යවේදියෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබේ.
එරට රජය විසින් පසුගියදා අවම වැටුප 54% කින් ඉහළ දැමූවත්, කම්කරුවන් පවසන්නේ එය ප්‍රමාණවත් නොවන බවයි.
ඔවුන් දිනකට ඩොලර් 15ක් පමණ ඉල්ලා සිටින නමුත් රජයේ අවම වැටුප් වැඩිවීම ඔවුන්ට ලබාදෙන්නේ ඔවුන් ඉල්ලන දෙයින් අඩක් පමණ වන බව රොයිටර් වාර්තා කරයි.
කම්කරුවන් සති ගණනාවක් පුරා විරෝධතාවයේ යෙදී සිටිති. ඔවුන් උපයන දේ ඉහල යන ජීවන වියදම සමඟ පවත්වා ගැනීමට ප්‍රමාණවත් නොවන බව ඔවුහු පවසති.