හයිටි අගනුවර පෝට් ඕ ප්‍රින්ස් හි ප්‍රතිවාදී කල්ලි අතර ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 89දෙනෙකු මියගොස් තවත් සැලකිය යුතු පිරිසක් තුවාල ලබා ඇති බව ජාතික මානව හිමිකම් ආරක්ෂක ජාලය පවසයි.
ඉහළ යන ආහාර මිල සහ ඉන්ධන හිඟය සමග මෙම අලුත් ප්රචණ්ඩත්වය පැනනැගී ඇති අතර, නගරයේ ආරක්ෂක තත්ත්වයේ ඉතා භයානක ලෙස පහතට යෑමෙන් මෙම කල්ලි ඉස්මතු වෙමින් පවතින බව කියයි.
ප්රචණ්ඩත්වය ජූලි 7දා පෝට් ඕ ප්‍රින්ස් හි දිළිඳු සහ ජනාකීර්ණ අසල්වැසි ප්‍රදේශයක ප්‍රතිවාදී කන්ඩායම් දෙකක් අතර පුපුරා ගියේය.
මෙම ප්‍රහාරයේදී අවම වශයෙන් පුද්ගලයින් 89දෙනෙකු මිය ගොස් තවත් 16දෙනෙකු අතුරුදන් වී ඇත. තවත් පුද්ගලයින් 74දෙනෙකුට වෙඩි තැබීම් හෝ පිහි තුවාල ඇති බව රාජ්‍ය නොවන සංවිධාන පවසයි.
විපතට පත් ප්‍රදේශවල වින්දිතයින්ට අත්‍යවශ්‍ය ආහාර සැපයුම් ලබාදීමට සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට ජාත්‍යන්තර මානුෂීය සංවිධානවලටද දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබේ.
මේ තත්ත්වය තුළ ඉතා විශාල පිරිසකට ආහාර හෝ සෞඛ්‍ය පහසුකම් හෝ ලබාගැනීමේ දුෂ්කරතා මතුව ඇති බව වාර්තා වෙයි.