ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව කෙටි කාලීන පදනමක් මත සන්නද්ධ හමුදා ශාඛා තුනෙහි සොල්දාදුවන් බඳවා ගැනීම සඳහා නව යෝජනා ක්‍රමයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු රට පුරා ඇතිවූ ප්‍රචණ්ඩකාරී විරෝධතා රැල්ලෙන් අවම වශයෙන් එක් අයෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ.
මෙම යෝජනා ක්‍රමය යටතේ අවුරුදු 17.5 ත් 21 ත් අතර තරුණ තරුණියන් වසර හතරක් සඳහා සොල්දාදුවන් ලෙස බඳවා ගනු ලැබේ. ඔවුන් යෝජනා ක්‍රමය යටතේ කිසිදු විශ්‍රාම ප්‍රතිලාභයක් සඳහා සුදුසුකම් නොලබයි.
ප්‍රධාන විරුද්ධ පක්ෂය වන කොංග්රසයද මෙම යෝජනා ක්‍රමයට විරුද්ධ වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, එය ජාතික ආරක්ෂාවට හෝ ජාතික අවශ්‍යතාවලට පක්ෂ නොවන සහ නිසැකව ම රටේ තරුණයන්ට සුබදායක නොවන යෝජනාවක් බව කියමිනි.