ඉරාකයේ එක්සත් ජනපදය ප්රමුඛ සභාග හමුදාවන්ගේ සටන් භූමිකාව අවසන් කිරීම ගැන ඉරාක අගමැති මුස්තෆා අල්-කදිමි සහ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ලීස් ට්‍රස් අතර සාකච්ඡා පැවැත්වී තිබේ.
ඇමෙරිකානු විදේශ ලේකම්වරයාගෙන්, ඉරාක අගමැතිවරයාට ලැබුණු දුරකථන ඇමතුමක් ඔස්සේ මෙම සාකච්ඡා සිදුව ඇති බව කියයි.
එක්සත් ජනපදය ප්රමුඛ ඒකාබද්ධ හමුදාවන්ගේ සටන් භූමිකාව අවසන් කිරීම සහ ඉරාකයේ සහ කලාපයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය ඉහළ නැංවීම සඳහා උපදෙස් මෙන්ම, සහාය ලබාදීමේ භූමිකාව වෙත මාරුවීම සම්බන්ධයෙන් බැග්ඩෑඩ් සහ ලන්ඩන් අතර සම්බන්ධීකරණය සිදුවිය යුතු ආකාරය ගැන මෙහිදී සාකච්ඡා වූ බව ඉරාක අගමැති කාර්යාලය පවසයි.
අන්තවාදී ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත කණ්ඩායමේ සටන්කරුවන්ට එරෙහි යුද්ධයේදී දෙරට අතර සහයෝගීතාවය සහ විවිධ ක්ෂේත්රවල ද්විපාර්ශ්වික සබඳතා නංවාලීමේ ක්‍රම පිළිබඳවද දෙපාර්ශ්වය සාකච්ඡා කළ බව එම කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දෙයි.