බොලීවියාවේ හිටපු ජනපති එවෝ මොරාලෙස් ඉල්ලා අස්වීමෙන් පසුව රට තුළ ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ කඩිනමින් මැතිවරණයක් කැඳවන ලෙස අන්තර්වාර ජනපති කොංග්‍රසයෙන් ඉල්ලීමක් කර තිබේ.
කෙසේ වෙතත්, අන්තර්වාර ජනපති ලෙස පත්ව සිටින ජෙනයින් අනීස් මැතිවරණය සඳහා දිනයක් නියම කර නොමැති බව විදෙස් වාර්තා පවසයි.
මැතිවරණ දූෂණයක් සම්බන්ධයෙන් වූ චෝදනාවක් හමුවේ පසුගිය නොවැම්බර් 10දා හිටපු ජනාධිපතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වූ අතර, පසුව මෙක්සිකෝවේ රැකවරණය පතා පළා ගියේය.
පසුගිය ඔක්තෝබර් මාසයේ පැවති මහ මැතිවරණය සමග මේ දක්වා උද්ඝෝෂණ හේතුවෙන් මියගිය ගණන 32ක් ඉක්මවා තිබේ.