ලොවපුරා භාණ්ඩ බෙදාහැරීමේ දැවැන්තයෙකු වන DHL විසින් මෙහෙයවනු ලබන බෝයිං 757-200 භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කොස්ටාරිකාවේ අගනුවර වන සැන් ජෝස් හි ජුවාන් සන්ටමරියා ජාත්‍යන්තර ගුවන්තොටුපළට හදිසි ගොඩබෑමක් අතරතුර ධාවන පථයෙන් ලිස්සා ගොස් දෙකට කැඩී ගියේය.
ගුවන් තොටුපොළ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී හෙක්ටර් චාවේස් පවසන පරිදි ගුවන් නියමුවා සහ පළමු නිලධාරියා පමණක් මෙම අනතුරින් සුළු තුවාල ලබා තිබුණත්, කාර්ය මණ්ඩලයේ සෙසු පිරිස නිරුපද්‍රිතව බේරාගැනීමට හැකිවී තිබේ.