නව කොරෝනා වසංගතය හේතුවෙන් මුස්ලිම් බැතිමතුන් 1,000කට පමණක් සීමා කරමින්, මෙවර ජූලි 29දා ඇරඹෙන හජ් වන්දනාව සඳහා සහභාගී වන පිරිස අඩුකිරීමට පියවර ගත් බව සෞදි බලධාරීන් පවසයි.
හජ් චාරිත්‍රයේ උච්චතම අවස්ථාව වන අර්ෆත් කන්ද තරණය කිරීම බ්‍රහස්පතින්දා සිදුවනු ඇති බවත්, වාර්ෂික උත්සවයේ පළමු දිනය බදාදාට යෙදෙන බවත් සෞදි පුවත් ඒජන්සිය පවසයි.
සෞදි අරාබියෙන් මේ වනවිට නව කොරෝනා ආසාදිතයන් 253,349 දෙනෙකු වාර්තා වී ඇති අතර, එරට සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 2,523කි.