හංගේරියාවේ බුඩාපෙස්ට් නුවර බෝට්ටු පෙරළීමෙන් 7ක් මරුට


හංගේරියාවේ, බුඩාපෙස්ට් නුවර ඩනුබේ ගංගාවේ යාත්‍රාවක් පෙරළීමෙන් එහි ගමන්ගත් දකුණු කොරියානු සංචාරකයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 19 දෙනෙකු අතුරුදන්ව තිබේ.

මෙම සංචාරක යාත්‍රාව තවත් යාත්‍රාවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, එම අවස්ථාවේදී සංචාරකයන් 30 දෙනෙකු, සංචාරක මගපෙන්වන්නන් තිදෙනෙකු ඇතුළු හංගේරියානු ජාතික කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුද එම යාත්‍රාවේ ගමන් කරමින් සිට ඇත.

හංගේරියානු වේලාවෙන් පසුගිය බදාදා රාත්‍රී 10.00ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, පුද්ගලයන් 7 දෙනෙකු නිරුපද්‍රිතව බේරාගැනීමට හැකිවී තිබේ.

මේ අතර, අතුරුදන්වූවන් සොයා දැවැන්ත සෝදිසි මෙහෙයුමක් අරඹා තිබුණු බව හංගේරියානු බලධාරීහු පවසති.



Recommended Articles