හංගේරියාව ස්පුට්නික් වී එන්නතට අවසරය දෙයි


හංගේරියාව විසින් රුසියාවේ ස්පුට්නික් වී එන්නත නිල වශයෙන් පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව එහි පුරවැසියන්ට එම එන්නත ලබාදීම සඳහා දොරටු විවර කර දී තිබේ.

ඒ අනුව පළමු මාත්‍රා 40,000ක් පසුගියදා හංගේරියාවට පැමිණියේ මාස තුනක් තුළ මාත්‍රා මිලියන දෙකක් එරටට සැපයීමේ පදනම මතය.

මේ අතර, ඔස්ට්‍රියානු චාන්සලර් සෙබස්තියන් කුර්ස් ඊයේ කියා සිටියේ රුසියාවේ ස්පුට්නික් වී එන්නත හෝ චීනයේ එන්නත් යුරෝපා සංගමය විසින් අනුමත කරන්නේ නම් තම රට තුළ ඒවා නිෂ්පාදනය කිරීමට තමා සූදානම් බවය.



Recommended Articles