සැපයුමේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ඉන්ධන මිල සීමාවක් ප්‍රකාශ කිරීම සහ ජාතික උපායමාර්ගික ඉන්ධන සංචිතයෙන් හතරෙන් එකක් නිදහස් කිරීමට හංගේරියානු රජය තීරණය කර තිබේ.
මෙම නව සීමාව සෙනසුරාදා දහවල් සිට ක්‍රියාත්මක වන බව හංගේරියානු අගමැති කාර්යාලය නිවේදනය කර තිබුණි.
"MOL (හංගේරියාවේ විශාලතම තෙල් සමාගම) හි යෝජනාවක් අනුව, පුද්ගලික වාහන, කුලී රථ සහ කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සඳහා පමණක් ෆෝරින්ට් 480 (එක්සත් ජනපද ඩොලර් 1.21) සහතික මිල තබා ගැනීමට රජය තීරණය කර තිබෙනවා" අගමැති කාර්යාලය සඳහන් කළේය.
MOL හි එක් පිරිපහදුවක් නඩත්තුවකට භාජනය වන බැවින් සහ ගෘහස්ත අවශ්‍යතා සපුරාලීමට නොහැකි වන බැවින් පියවර දැඩි කිරීමට අවශ්‍ය බවද සඳහන් කර තිබුණි.
මීට අමතරව, ජාතික උපායමාර්ගික සංචිතයෙන් හතරෙන් එකක් මුදා හරිනු ඇත. නමුත් මෙය අවශ්‍යතාවලින් කොටසක් ආවරණය කිරීම සඳහා පමණි. ඉතිරිය ආනයනයෙන් ආවරණය කළ යුතු බව අගමැති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර තිබුණි.