සෞදියේ බස් අනතුරකින් අරාබි සහ ආසියානුවන් 35ක් මරු දකී


බටහිර සෞදි අරාබියේ ශුද්ධ නගරය ලෙස සැලකෙන මෙදිනා ආසන්නයේ සිදුවූ බස් අනතුරකින් විදේශිකයන් 35 දෙනෙකු මියගොස් තවත් 4 දෙනෙකු තුවාල ලබා තිබේ.

පසුගිය බදාදා එරට වේලාවෙන් රාත්‍රී 07.00 ට පමණ අල්-අකාල් මධ්‍යස්ථානය අසලදී බස් රථය තවත් බර වාහනයක ගැටී ඇති බව රාජ්‍ය මාධ්‍ය පවසයි.

මෙම මගීන් විදේශික අරාබිවරුන් වන අතර ආසියානුවන් වන්දනා ගමනක් සඳහා මෙදිනා සිට මක්කම දක්වා ගමන් කළ බව වාර්තා වෙයි.

ඔවුන්ගේ ජාතිකත්වය නොදන්නා නමුත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කියා සිටියේ මෙම පුවතෙන් තමා දැඩි සේ කම්පාවට පත්ව ඇති බවයි.



Recommended Articles