සෞදියෙන් පැන ආ තරුණියට කැනඩාවේ සරණාගතභාවයක්


සිය පවුලෙන් මිදී තායිලන්තයේ බැංකොක් නුවර ගුවන් තොටුපොළෙහි රැඳී සිටි සෞදි අරාබියානු තරුණියට කැනඩාවේ සරණාගතභාවය හිමිව තිබේ.

රහාෆ් මොහොමඩ් අල්-කුනාන් ලෙස සැලකෙන 18 හැවිරිදි මෙම තරුණිය පවසා සිටියේ තමා ඉස්ලාමයට විරුද්ධව ගිය නිසා යළිත් සෞදියට පිටුවහල් කළහොත් පවුලේ ඥාතීන් අනිවාර්යයෙන්ම තමාව මරා දමන බවයි.

ඒ අනුව, මෙම ගැටලුවට එක්සත් ජාතීන්ගේ සංවිධානයද මැදිහත්වූ අතර, ඇයද තමන්ට යුරෝපා රාජ්‍යයක සරණාගතභාවය පැතීය.

මෙහිදී, මෙම තරුණිය ආරක්ෂා කරගැනීමට තායිලන්ත රජය කටයුතු කිරීම ගැන එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය එරටට සිය ස්තූතිය පුද කර තිබුණි.



Recommended Articles