ඇමෙරිකාව විසින් වර්ජනය කළ රුසියානු තෙල් නිසා ඉහළ යන ඉන්ධන මිල පාලනයට සෞදියෙන් හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් තෙල් නිෂ්පාදනය වැඩි කරන ලෙස ජෝ බයිඩන් කළ ඉල්ලීම් එම රාජ්‍යයන් දෙකේම කුමාරවරුන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු වන 36 හැවිරිදි මොහොමඩ් බින් සල්මාන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් (60) යන දෙදෙනාම ධවල මන්දිරයෙන් ලැබුණු ඉල්ලීම මෙසේ ප්‍රතික්ෂේප කළහ.
වසර 14කට පමණ පසු ප්‍රථම වතාවට තෙල් මිල බැරලයක් ඩොලර් 130ක් ඉක්මවන බැවින්, ඇමෙරිකානු ඉන්ධන මිල ඉහළම මට්ටමක පවතින මොහොතක බොරතෙල් වෙළෙඳපොළ සන්සුන් කිරීම සඳහා තවත් තෙල් බැරල් මිලියන ගණනක් පොම්ප කළ හැකි එකම ප්‍රධාන තෙල් නිෂ්පාදකයන් දෙදෙනා වන්නේ මෙම ගල්ෆ් රාජ්‍යයන් දෙකය.
පුනර්ජනනීය බලශක්තිය දැනට අලාභය පියවා ගැනීමට ප්‍රමාණවත් බලශක්ති ප්‍රමාණයක් නිපදවන්නේ නැති අතර, එය වේගයෙන් ඉහළ නැංවිය නොහැකි වීමද අභියෝගයකි.
රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට විරෝධය පෑමක් ලෙස පසුගියදා ඇමෙරිකානු නායකයා රුසියානු ඉන්ධන ලබාගැනීම වළක්වාලමින් විධායක නියෝගයකට අත්සන් කළ අතර, බොහෝ යුරෝපා රාජ්‍යයන්ද රුසියානු තෙල් වර්ජනය කළේය.
කෙසේ වෙතත් තම තීරණයන්හි අසාර්ථකත්වය පෙන්වමින් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් වාර්තාගතව ඉහළ යන ඉන්ධන මිල සම්බන්ධයෙන් තමාට බොහෝ දේ කළ නොහැකි බවත්, එය ව්ලැදිමීර් පූටින්ගේ වරදක් බවත් පැවසීය.