යේමනයේ හොයුති කැරලිකරුවන් පවසන්නේ දෙරට අතර දේශසීමාව ආසන්නයේ විශාල ප්‍රහාරයකින් පසු තමන් සෞදි හමුදාවේ විශාල පිරිසක් අත්අඩංගුවට ගත් බවයි.
හොයුති ප්‍රකාශකයෙකු විදෙස් මාධ්‍ය වෙත පවසා තිබුණේ, සෞදි බලඇණි තුනක් සෞදි නගරයක් වන නජ්රාන් අසලදී යටත් වී ඇති බවයි.
සොල්දාදුවන් දහස් ගණනක් අල්ලාගෙන ඇති අතර තවත් බොහෝ දෙනෙක් මිය ගොස් ඇතැයි ඔහු පවසා තිබේ. කෙසේ වෙතත්, මෙම ප්‍රකාශය සෞදි අරාබියේ නිලධාරීන් විසින් තහවුරු කර නොමැත.
ගැටුම ආරම්භ වූ දා සිට මේ ආකාරයෙන් සිදුවූ විශාලතම මෙහෙයුම මෙය බවද හොයුති කැරලිකරුවෝ පවසති.
එමෙන්ම, මෙසේ අල්ලා ගන්නා ලද සියලු දෙනා පෙළ ගස්වා ගෙනයන දර්ශන, හොයුති කැරලිකරුවන් විසින් මෙහෙයවන අල් මසිරා රූපවාහිනී ජාලය ඔස්සේ විකාශය කරන බවද ඔවුන් පවසා තිබේ.