සෞදි අරාබියේ සල්මාන් රජුගේ ආරක්ෂකයා සිය මිතුරෙකු සමග ඇති වූ ආරවුලකදී සිය මිතුරාගේ වෙඩි පහරින් ඝාතනයට ලක්ව තිබේ.
ජෙනරාල් අබ්දෙල් අසීස් අල්-ෆාගම් සෙනසුරාදා රාත්‍රියේ මිතුරෙකු හමුවීමට ගොස් සිටියදී මහම්මදු බින් මේෂාල් අල් අලි නම් වන සිය මිතුරා සමග ගැටුම ඇති කරගෙන තිබේ.
පොලිස් ප්‍රකාශය අනුව අලි නමැති මෙම මිතුරා, ජෙඩාහි නිවසින් පිටව ගොස්, යළි තුවක්කුවක් රැගෙන විත් මෙම විවෘත වෙඩි තැබීම සිදුකර ඇත.
කෙසේ වෙතත්, පසුව ඔහු පොලිසියට යටත් වීම ප්‍රතික්ෂේප කිරීම නිසා පොලිස් වෙඩි පහරින් ඔහුද ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
සෞදි රජුගේ ආරක්ෂකයා වූ ජෙනරාල් ෆැහැම්, රෝහලේදී ඔහුගේ තුවාල හේතුවෙන් මියගොස් ඇති අතර, මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් හත් දෙනෙක් තුවාල ලබා තිබේ.
ජෙනරාල් ෆැහැම් පැමිණ සිටි මිතුරාගේ නිවසේ දෙදෙනෙකු මෙන්ම, වෙඩි තැබීමේ සිද්ධියට මුල්වූ ආරක්ෂක නිලධාරීන් පස් දෙනෙකු ද ඊට ඇතුළත් ය.
ජෙනරාල් ෆැහැම් සෞදි ජාතිකයන් අතර ප්‍රසිද්ධියක් ඉසිලූ චරිතයක් වන අතර, ඔහු සල්මාන් රජුට සමීප වූයේ අභාවප්‍රාප්ත අබ්දුල්ලා රජුගේ පෞද්ගලික ආරක්ෂකයා ලෙස සේවය කිරීමෙන් අනතුරුවය.