සෞදි රජයේ අත්අඩංගුවේ පසුවූ කුමාරවරයෙකුට නිදහස හිමිවේ


සෞදි අරාබියේ දූෂණයට එරෙහිව දිගින් දිගටම සිදුවූ අත්අඩංගුවට ගැනීම් විවේචනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට පත් ඛාලීඩ් බින් ටාලාල් කුමරු නිදහස ලබා තිබේ.

කුමරු සිය පවුලේ උදවිය සමග සිටින ඡායාරූප මාධ්‍යයට නිකුත් කිරීමත් සමග ඔහුගේ නිදහස් වීම විදෙස් මාධ්‍යවල ප්‍රචාරය විය.

සෞදි අරාබියේ වත්මන් සල්මාන් රජුගේ බෑනාවරයෙකු වූ ඛාලීඩ් කුමරු වසරකට ආසන්න කාලයක් බන්ධනාගාරගතව සිටියේය.

එමෙන්ම, ඛාලීඩ් කුමරුගේ සහෝදරයා වන අල්වලීඩ් බින් ටලාල් කුමරුද පසුගිය වසර අගභාගයේදී දූෂණ චෝදනා මත අත්අඩංගුවට පත් සෞදියේ කුමාරවරුන් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර සිටියි.

මාධ්‍යවේදී ජමාල් ඛෂෝගී ඝාතන සිදුවීම සම්බන්ධයෙන් සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු වෙත සිව්දිගින් පැමිණෙන පීඩනය හේතුවෙන් මෙසේ ඛාලීඩ් කුමරු නිදහස් කරන්නට ඇති බව කියැවෙයි.



Recommended Articles