යේමනයේ කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතින උතුරේ බන්ධනාගාරයකට සෞදි අරාබියානු ගුවන් ප්රහාරයක් එල්ල කිරීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 87දෙනෙකු මිය ගොස් 266දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
හවුති කැරලිකාර කණ්ඩායම සිකුරාදා කියා සිටියේ සෞදි ප්රමුඛ සන්ධානය උතුරු නගරය වන සාඩා හි තමන් පාලනය කරන භූමියට මෙම දැවැන්ත ප්රහාරය එල්ල කළ බවයි.
දරුවන් තිදෙනෙකු ඝාතනය කෙරුණු සහ දුගී රටේ අන්තර්ජාලය බිඳ වැටීමටද හේතුවුණු හොඩයිඩා වරායට එල්ල වූ ගුවන් ප්රහාරයට සමගාමීව සිදුවූ මෙම ප්රහාරය එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් විසින්ද හෙළා දකින ලදී.