සෞදි අරාබියෙන් දෛනිකව වැඩිම ආසාදිතයන් පිරිසක්


රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව ගෙවීගිය දිනයේදී සෞදි අරාබියේ නව කොරෝනා වෛරස ආසාදිතයන් 3,717ක් සහ නව මරණ 36ක් වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

පසුගිය දින හතර පුරාම සෞදි ආරාබිය විසින් ආසාදිතයන් 3,000කට වැඩි පිරිසක් වාර්තා කර ඇති අතර, රටේ සමස්ත කොවිඩ්-19 වෛරස ආසාදන සංඛ්‍යාව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට අනුව මේ වනවිට 112,288කි. එමෙන්ම මේ දක්වා වෛරසය ආශ්‍රිත මරණ 819ක් රට තුළ වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මැදපෙරදිග ප්‍රබලම අගුලු දැමීමේ පියවර අනුගමනය කළද සෞදි අරාබිය ගල්ෆ් කලාපයේ වැඩිම කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාවක් සිටින රට බවට මේ වනවිට පත්ව තිබේ.

එහිදී අගනුවර වන රියාද් සහ ඉස්ලාමීය ශුද්ධ නගර වන මක්කම සහ මෙදීනා අප්‍රේල් මාසයේදී පැය 24 පුරා ඇඳිරි නීතිය පනවනු ලැබූ අතර, ඉස්ලාමීය ඊද් නිවාඩු දිනවල චලනයන් සීමා කරන ලදී.

කෙසේ වෙතත් මැයි මස අගදී රට අගුලු දැමීමේ පියවර ලිහිල් කිරීම ආරම්භ කළ අතර, ජුනි 20 වනවිට මුස්ලිම් පල්ලිවල යාඥාවන් සහ වෙළෙඳසැල් විවෘත කිරීමට අවසර දී තිබේ. නමුත් ඒ සමග දැන් ආසාදන වැඩිවෙමින් පවතින බව කියයි.

ඒ අනුව වැඩිවන සිද්ධීන් හේතුවෙන් පසුගිය සතියේ රටේ දෙවැනි විශාලතම නගරය වන ජෙඩා වෙත ඇඳිරි නීතිය පැනවූ අතර, අනෙකුත් නගරවලටද දැඩි ඇඳිරි නීතිය පැනවිය හැකි බවට සෞදිය ඉඟිකර තිබුණි.



Recommended Articles