සෞදි අරාබියෙන් ඉතා සීමිත හජ් උත්සවයක් පැවැත්වෙයි


නව කොරෝනා වෛරස වසංගතය හේතුවෙන් මේ වසරේ ඉතා සීමිත හජ් උත්සවයක් පවත්වන බව සෞදි අරාබිය නිවේදනය කරයි.

මේ වන විටත් සෞදි රාජධානියේ වෙසෙන ජනතාවට ජූලි මස අගදී ආරම්භ වන වන්දනා ගමනට සහභාගී වීමට අවසර දී තිබේ.

හජ් අමාත්‍යංශය උපුටා දක්වමින් සෞදියේ නිල පුවත්පත් ඒජන්සිය සඳුදා ප්‍රකාශ කළේ, ඉතා සීමිත සංඛ්‍යාවක්, රට තුළ ජීවත් වන විවිධ ජාතීන් සමග වන්දනාව පැවැත්වීමට සෞදි රජය තීරණය කර ඇති බවයි. එහිදී විදේශයන්ගෙන් හජ් වන්දනාවට පැමිණීම සඳහා අවසර නොලැබෙන බවද අමාත්‍යාංශය උපුටා දක්වමින් වැඩිදුරටත් සඳහන් වෙයි.



Recommended Articles