සෞදි අබ්දුල්ලා ගුවන් තොටට ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල වෙලා


සෞදි අරාබියේ දකුණුදිග ජිසාන් නගරයේ අබ්දුල්ලා ගුවන් තොටුපලේදී පුපුරණ ද්‍රව්‍ය සහිත ඩ්‍රෝන් ප්‍රහාරයකින් පුද්ගලයින් 10දෙනෙකු තුවාල ලැබූ බව සෞදි ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා සන්ධානය පවසයි.

සෞදි ජාතිකයින් හය දෙනෙකු, බංග්ලාදේශ ජාතිකයින් තිදෙනෙකු සහ සුඩාන ජාතිකයෙකු මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූහ. ප්‍රහාරයෙන් ගුවන් තොටුපලේ සමහර ඉදිරිපස ජනේලද විනාශ වී ඇති බව ප්‍රකාශකවරයා පැවසීය.

යේමනයේ ක්‍රියාත්මක හවුති සටන්කරුවන්ට එරෙහිව වර්ෂ 2015 දී සෞදි අරාබිය විසින් මෙහෙයවන ඒකාබද්ධ හමුදා මැදිහත් විය.

කෙසේ වෙතත් හවුති කැරලිකරුවන් විසින් වහාම වගකීම භාර නොගත් නමුත්, ගල්ෆ් රාජධානිය ඉලක්ක කර ගනිමින් බොහෝවිට ඩ්‍රෝන් සහ මිසයිල ප්‍රහාර එල්ල කර තිබේ.



Recommended Articles