යුක්රේනය සමග ගැටුමක් පැවතියත්, රුසියානු ආර්ථිකය යුද කර්මාන්තය වෙනුවෙන් පමණක් සීමා නොකරන බවත්, වත්මන් රුසියාව පැරණි සෝවියට දේශයේ සිදුකළ වරද නැවත නොකරන බවත් රුසියාවේ හිටපු ජනාධිපති දිමිත්‍රි මෙද්වෙදෙව් පවසයි.
"වර්තමානයේ සෝවියට සමයේ පැවති ආකාරයට ආර්ථිකයේ සීමා කිරීම් සිදුවන්නේ නැහැ. සෝවියට දේශය එදා යුද කර්මාන්තය වෙනුවෙන් වැඩි බරක් තැබුවා. එහිදී ආර්ථිකයේ සමබරතාව පවත්වා ගැනීම දුෂ්කර වුණා. ඒ නිසා ප්‍රමුඛතා වඩාත් නිවැරදිව අවබෝධ කරගනිමින් සාර්ව ආර්ථික උපායමාර්ග ක්‍රියාත්මක කළ යුතු වෙනවා." මාධ්‍ය අමතමින් මෙද්වෙදෙව් වැඩිදුරටත් පවසා සිටියේය.