සෝවියට යුගයෙන් පසුව රුසියාව විසින් සිදුකළ වඩාත් ප්‍රබලතම අභ්‍යවකාශ මෙහෙයුම දියත් කිරීමට ඔවුන් සමත්ව තිබේ.
අභ්‍යවකාශයේ මෙතෙක් සොයා නොගැනුණු එක්ස් කිරණ පිළිබඳ වඩාත් තියුණු සොයා බැලීමක් සිදුකිරීම සඳහා රුසියාව ජර්මනිය සමග එක්ව Spektr-RG දුරේක්ෂය රැගත් අභ්‍යවකාශ යානය ගුවන්ගත කර ඇත.
මෙම තොරතුරු මගින් විශ්වය පිළිබඳ වඩාත් පුළුල් සැලැස්මක් සැකසීමට විද්‍යාඥයන්ට හැකිවනු ඇති බවත්, විශේෂයෙන්ම විශ්වයේ ප්‍රසාරණය සම්බන්ධ වඩාත් වැදගත් තොරතුරු මේ හරහා ලබාගැනීමට හැකිවනු ඇති බවත් විද්‍යාඥයෝ පවසති.
එමෙන්ම, මන්දාකිණි අතර පවතින දැවැන්ත කළු කුහර පිළිබඳ වූ දත්තයන්ද නව එක්ස් කිරණ දත්ත හරහා සොයාගත හැකිවනු ඇති බවද විද්‍යාඥයෝ විශ්වාසය පළ කරති.
කසකස්ථානයේ බෙකිකොනොර් කොස්මෝඩෝර්මයේ සිට අද ප.ව.5.31ට පමණ ප්‍රෝටෝන් රොකට්ටුව සමග මෙම සුවිශේෂී දුරේක්ෂය අභ්‍යවකාශය බලා ගමන් අරඹා තිබේ.
මෙම Spektr-RG දුරේක්ෂය දුර්කේෂ දෙකක් එක් දුරේක්ෂයක පවතින ආකාරයෙන් නිර්මාණය කර ඇති අතර, අඩු ඉඩකින් වැඩි ඵලදායීතාවක් ලබාගැනීම සඳහා මෙය එසේ සැලසුම් කිරීමට ජර්මානු සහ රුසියානු විද්‍යාඥයන් කටයුතු කර තිබේ.