දකුණු කොරියානු ජනාධිපති යූන් සුක්-යෙයෝල් සෝල් හි ඉටේවොන් දිස්ත්‍රික්කයේ සිදුවූ මාරාන්තික තෙරපීම අරඹයා ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.
යූන් විපතට පත්වූවන්ට ශෝකය ප්‍රකාශ කළ අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළේය.
“මෙය ඇත්තෙන්ම ඛේදනීය සිදුවීමක්” ඔහු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. "සිදු නොවිය යුතු ඛේදවාචකයක් සහ ව්‍යසනයක් ඊයේ රාත්‍රියේ සෝල් නගරයේ හදවතේ සිදුවුණා."
සිද්ධියෙන් තුවාල ලැබූවන්ට කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන බවත්, මෙම සිදුවීමට හේතුව පිළිබඳව ගැඹුරින් සොයා බලන බවටත් ජනාධිපතිවරයා ප්‍රතිඥා දුන්නේය.