සෝමාලියාවේදී අල්-ෂබාබ් සටන්කාමීන් 43නෙක් මරුට


මධ්‍යම සෝමාලියාවේ බුලා-බාර්ටේ දිස්ත්‍රික්කයේ ඇබෝරි ප්‍රදේශයේ එක රැයකින් සිදුකළ මෙහෙයුමකදී සෝමාලියානු ජාතික හමුදාව (එස්එන්ඒ) විසින් අල්-ෂබාබ් සටන්කාමීන් 43දෙනෙකු මරා දමා තිබේ.

සටන්කාමීන් සිටින බවට ලද බුද්ධි තොරතුරක් මත මෙහෙයුම ක්‍රියාත්මක කළ බව එරට මාධ්‍ය වාර්තා කළේය.

සෝමාලියාව තුළ අල් ෂබාබ් ත්‍රස්ත සංවිධානය පසුගිය වසර ගණනාව පුරා ක්‍රියාත්මක වන අතර, ඔවුන්ද ජිහාඩ් අන්තවාදය අනුගමනය කරන ත්‍රස්ත සංවිධානයකි.



Recommended Articles