සෝමාලියාවේ දකුණුදිග ප්‍රදේශයේ හෝටලයකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අසාසේ හෝටලය වෙත මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු මෝටර් රථයකින් කඩා වදිමින් මෙම ප්‍රහාරය අරඹා ඇති අත, පසුව ආයුද සන්නද්ධ තුවක්කුකරුවන් හෝටලය වෙත කඩා වැදී තිබේ.
මෙම ප්‍රහාරයෙන් හෝටලයේ රැඳී සිටි ප්‍රකට මාධ්‍යවේදිනියක වූ හොඩාන් සහ ඇගේ ස්වාමියා ඇතුළු විදේශිකයන් කිහිප දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇත.
ප්‍රහාරයේ වගකීම ඉස්ලාමීය අල්-ෂබාබ් ත්‍රස්තයන් විසින් භාරගෙන තිබේ.
මියගිය පිරිස අතර ප්‍රදේශයේ දේශපාලඥයෙකු, කෙන්යානු ජාතිකයන් තිදෙනෙකු, ටැන්සානියානු ජාතිකයන් තිදෙනෙකු, ඇමෙරිකානුවන් දෙදෙනෙකු සහ එක් බ්‍රිතාන්‍ය ජාතිකයෙකුද වෙති.
ප්‍රහාරයට පැමිණි ත්‍රස්තයන් මර්දනය කරමින් එහි බලය යළි සියතට ගැනීමට ආරක්ෂක අංශ වෙත පැය කිහිපයක් ගතවූ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.