සෝමාලියාවේ මොගඩිෂු අගනුවර සිදුවූ ද්විත්ව කාර් බෝම්බ ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 100දෙනෙකු මිය ගොස් 300දෙනෙකු තුවාල ලබා ඇති බව නැගෙනහිර අප්‍රිකානු රටේ ජනාධිපතිවරයා පවසයි.
හසන් ෂෙයික් මොහොමඩ් ඉරිදා සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත් කරමින් අනතුරු ඇඟවූයේ "මියගිය සහ තුවාල ලැබූවන් යන දෙඅංශයේම සංඛ්‍යාව අඛණ්ඩව වැඩිවෙමින් පවතින" බවයි.
පළමු පිපිරුම අගනුවර කාර්යබහුල සෝබේ ප්‍රදේශයේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය ඉලක්ක කර ගත් අතර, දෙවැනි බෝම්බය මිනිත්තු කිහිපයකට පසු ගිලන්රථ පැමිණ තුවාලකරුවන්ට සහාය වීමට ජනතාව එක්රොක් වූ විට පුපුරාගොස් තිබේ.
සිද්ධිය ඇසින් දුටුවන් පැවසුවේ මියගිය අයගෙන් බොහෝ දෙනෙක් කාන්තාවන් වන අතර ඇතැමුන් ළමයින් බවයි.