සෝමාලියාවේ අවන්හලක පිපිරීමකින් ජීවිත හානි 15ක්


මධ්‍යම සෝමාලියාවේ අවන්හලක සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 15දෙනෙකු මිය ගොස් තවත් 20දෙනෙකු තුවාල ලබා ඇති බව එරට රාජ්‍ය රූපවාහිනී සේවය පවසයි.

සෝමාලියානු අගමැති මොහොමඩ් රොබල් විපතට පත් වූවන්ගේ පවුල්වලට සිය ශෝකය ප්‍රකාශ කළේය.

සමාජ කටයුතු පිළිබඳ නියෝජ්‍ය දිස්ත්‍රික් කොමසාරිස්වරයා පැවසුවේ, පිපිරීමට ගොදුරු වූවන් අතර මූලික වශයෙන් සිවිල් වැසියන්ද වන බවයි.

මෙම ප්‍රහාරය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් සිදුවූවක් බව පොලීසිය සහ රාජ්‍ය නිලධාරීන් තහවුරු කර ඇත.

ඇසින්දුටු සාක්ෂිකරුවන්ට අනුව පිපිරීම සිදුව ඇත්තේ හසන් ඩීෆ් අවන්හලේ මිනිසුන් දිවා ආහාරය ගැනිමින් සහ විවේකීයව විවෘත ප්‍රදේශයක රැස්ව සිටි අවස්ථාවේදීය.

මේ අතර, අල්-කයිඩාවට අනුබද්ධ ත්‍රස්තවාදී කණ්ඩායමක් වන අල්-ෂබාබ් ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති බව ත්‍රස්ත කණ්ඩායම් නිරීක්ෂණය කරන SITE බුද්ධි අංශයේ වාර්තා පවසයි.

අල්-ෂබාබ් සංවිධානය මීට පෙර අප්‍රිකාවේ අඟ ලෙස සැලකෙන ප්‍රදේශයේ මෑත කාලීන ප්‍රහාර මාලාවක වගකීම භාරගෙන ඇත.

සෝමාලියානු පාර්ලිමේන්තු මැතිවරණය පෙබරවාරි 25දා අවසන් වීමට නියමිතව තිබියදී මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.

අග‍්‍රාමාත්‍ය මොහොමඞ් රොබල් මියගිය අයගේ පවුල්වලට සිය ශෝකය පළ කළේය.



Recommended Articles