සෝමාලියා හමුදා මොගඩිෂු හෝටල් වැටලීම නිමා කරයි


සෝමාලියානු හමුදා විසින් අල්කයිඩාවට සම්බන්ධ සටන්කාමීන් විසින් මොගඩිෂු අගනුවර හෝටලයක පැය 30ක පමණ කාලයක් පැවති මාරාන්තික වැටලීම අවසන් කර ඇති බව ආරක්ෂක අණදෙන තහවුරු කර තිබේ.

"ආරක්ෂක හමුදා දැන් වැටලීම අවසන් කර ඇති අතර තුවක්කුකරුවන් මිය ගොස් තිබෙනවා. පසුගිය පැය තුළ ගොඩනැගිල්ලෙන් අපට වෙඩි තැබීමක් වාර්තා වුණේ නැහැ" අණදෙන නිලධාරියා පැවසීය.

මියගිය මුළු සංඛ්‍යාව පිළිබඳ වැඩිදුර තොරතුරු ඔහු ලබා නොදුන් අතර රජය අද (21දා) උදෑසන මාධ්‍ය හමුවක් ලබා දෙන බව පැවසීය. ගොඩනැගිල්ලේ තවමත් අටවා ඇති පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරීමට අවශ්‍ය බව ඔහු වැඩිදුරටත් පැවසීය.

සිකුරාදා සවස හයාට් හෝටලයට සටන්කාමීන් තුවක්කු සහ බෝම්බ ප්‍රහාරයක් දියත් කිරීමෙන් පසු අවම වශයෙන් සිවිල් වැසියන් 13දෙනෙකු මිය ගොස් දුසිම් ගනනක් තුවාල ලබා ඇති බව සෝමාලියානු නිලධාරීන් කලින් ප්‍රකාශ කළේය.

මේ අතර වෝල් ස්ට්‍රීට් ජර්නලය පොලිස් නිලධාරීන් දෙදෙනෙකු උපුටා දක්වමින් මරණ 20කට වඩා වාර්තා කළේය.



Recommended Articles