මොගඩිෂු හි නිරිත දෙසින් පිහිටි සෝමාලියානු හමුදා කඳවුරක් ඉදිරිපිට මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ප්‍රාදේශීය මාධ්‍යවලට අනුව මරාගෙන මැරෙන බෝම්බකරු විසින් එල්ල කළ මෙම ප්‍රහාරයෙන් 15දෙනෙකු පමණ මිය ගොස්, තවත් 11දෙනෙකු තුවාල ලබා ඇත.
මියගිය වැඩි දෙනා අලුතින් බඳවාගත් අය බවත්, අල්-ෂබාබ් ඉස්ලාමීය ත්‍රස්ත කණ්ඩායම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති බවත් වාර්තා වෙයි.