සෝමාලියා හමුදා කඳවුරකට අල්-ෂබාබ් ත්‍රස්ත ප්‍රහාරයක්


එක්සත් ජනපද ආරක්ෂක අංශ විසින් සෝමාලියානු කොමන්ඩෝ භටයන් වෙත පුහුණුව ලබාදෙන කඳවුරකට ජිහාඩ් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

දකුණුදිග ෂැබෙල්ලේ පළාතේ වූ බේල්ඩොග්ල් ගුවන් තොටුපොළ පරිශ්‍රය ආශ්‍රිතව දරුණු පිපිරීම් සහ වෙඩි හුවමාරු වාර්තා වූ බව ප්‍රදේශ වාසීහු පවසති.

අල්-ෂබාබ් ත්‍රස්තයන් විසින් මෙම ප්‍රහාර තමන් විසින් සිදුකළ බව සනාථ කරන අතර, ඔවුන් හමුදා කඳවුර තුළට ඇතුළු වීමට පෙර කාර් බෝම්බයක් පුපුරුවා හැර ඇති බවද අනාවරණය වෙයි.

කෙසේ වෙතත්, ඔවුන් හමුදා කඳවුරට ඇතුළු වීම වළක්වමින් දැවැන්ත ප්‍රතිප්‍රහාරයක් එල්ල කළ බව සෝමාලියානු හමුදාව පවසයි.



Recommended Articles