සෝමාලියානු ජාතික හමුදාව මිඩ්ල් ෂබෙල් කලාපයේ හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටියදී අවම වශයෙන් අල්-ෂබාබ් ත්රස්තවාදීන් 40දෙනෙකුවත් මරා දමා ඇති බව විදෙස් වාර්තා පවසයි.
අල්-ෂබාබ් යනු අල්කයිඩාවට සම්බන්ධ සෝමාලියාව පදනම් කරගත් අන්තවාදී සංවිධානයක් වන අතර, මෑත වසරවලදී, එය සෝමාලියාව සහ එහි අසල්වැසි රටවල ත්‍රස්තවාදී ප්‍රහාර කිහිපයක් දියත් කර ඇත.
විශේෂයෙන්ම ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත සංවිධානයක් ලෙස ප්‍රකට ඔවුන්, සාමාන්‍ය සිවිල් වැසියන් ඝාතනය කිරීම සහ දරුවන් හා කාන්තාවන් පැහැරගෙන යාමේ සිද්ධීන්ද වරින් වර වාර්තා විය.